ක්‍රීඩා

LPL තරඟාවලියෙන් පාකිස්තානුවන් තිදෙනෙක් ඉවත් වෙයි

(UTV | කොළඹ) – පාකිස්තානු ක්‍රීඩකයින් තිදෙනෙකුට ලබන 26 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අහිමි වී යනු ඇත.

පාකිස්තානු පිලේ නවසීලන්ත තරග සංචාරය හේතුවෙන් ඒ සඳහා ඔවුනට සහභාගී වීමට සිදුනොවේ.

නවසීලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් යුත් සංචිතයක් බදාද (11) පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් නම් කළ අතර ඊට මොහොමඞ් හෆීස්, වහබ් රියාස් සහ සර්ෆ්‍රාස් අහ්මඞ් තිදෙනාම ඇතුළත් සිටිති.

සර්ෆ්‍රාස් අහ්මඞ් ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායමටත්, වහබ් රියාස් මහනුවර ටස්කර්ස් කණ්ඩායමටත්, මොහොමඞ් හෆීස් කොළඹ කිංග්ස් කණ්ඩායම සඳහාත් ක්‍රීඩා කිරීමට තෝරාගෙන තිබිණ.

නවසීලන්ත සංචාරය සඳහා නම්කර කරන ලද පාකිස්තාන ක්‍රීඩකයින් ලබන 23 වනදා නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර එහිදී ඔවුන් දින 14 ක් නිරෝධායන විය යුතුය.

 

Related posts

අමතක නොවන ටෙස්ට් තරඟය ගැන කුසල් ජනිත් කියන කතාව

Mohamed Dilsad

කොදෙව් – එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරග කාලසටහන ප්‍රකාශයට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

Leave a Comment