දේශීය

බස්නාහිරින් පිටව ගිය පුද්ගලයන් ස්වයං නිරෝධායනයට

(UTV | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කිරීමෙන් පසු පළාතෙන් බැහැරව වෙනත් ප්‍රදේශවලට ගිය පුද්ගලයන් එම ස්ථානවලම ස්වයං නිරෝධායනයට යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන ලෙස සියලු ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව ද ඔහු සඳහන් කරයි.

එමෙන්ම එවැනි කිසියම් අයෙකු පැමිණ ඇත්නම් පොලිසියට හෝ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙන ලෙසටද බස්නාහිර පළාතෙන් බැහැර හෝටල් සහ නවාතැන්පොල හිමිකරුවන් වෙත පොලිසිය දන්වා සිටියි.

මේ පිළිබඳ සෙවීමට පොලිසියට අමතරව බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා සිටියි.

 

 

Related posts

බෝගම්බර බන්ධනාගාරයෙත් රැදවියන් 7 කට කොරෝනා

Mohamed Dilsad

නානුඔය මාරක රිය අනතුරු ගැන පොලීසියෙන් නිවේදනයක්

Mohamed Dilsad

ස්පුට්නික් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment