දේශීයප්‍රමුඛ පුවත 2

මැනිංමනින් වෙළඳ පොළ උණුසුම් වෙයි

(UTV |කොළඹ) –  අද අළුයම පිටකොටුව මැනිං පොදු වෙළඳපොළේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

ඒ එළවළු තොග රැගෙන ආ ගොවීන් ඇතුළු ව්‍යාපාරිකයින් නිසාය.

අද පෙරවරු 5ට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ මැනිං පොදු වෙළඳසැල ද යළි විවෘත කරන බව මීටපෙර දැනුම් දුන්න නිසා අද අළුයම ව්‍යාපාරිකයන් එහි පැමිණ සිටියේය.

නමුත් පොලීසිය ගොවීන්ට සහ ව්‍යාපාරිකයින්ට මැනිං පොදු වෙළදසැලට පිවිසීමට ඉඩ ලබා නොදුන් අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද හට ගත බව වාර්තා වෙයි.

පසුව ඇතැම් වෙළදුන් වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග රැගෙන ගිය බවද අප වාර්තාකරු පැවසීය.

තවත් පිරිසක් ප්‍රධාන මාර්ගයේ විවිධ ස්ථානවල එළවළු අලෙවි කිරීමටද කටයුතු කර තිබේ.

Related posts

දිවිනැගුම ලිත් නඩුවෙන් බැසිල් නිදහස් වෙයි

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ග 10ක් භාවිතයට ගැනීම අත්හිටුවයි

Editor O

දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක්

Mohamed Dilsad

Leave a Comment