දේශීය

සති අන්තයේ සංචරණය සීමා කර නිවසටම වී ගත කරන්න

(UTV| කොළඹ) – නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද සහ හෙට වැඩි වශයෙන් මාර්ග බාධක යෙදවීමට පොලීසිය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.

අදාළ ප්‍රදේශවල ජනතාව සති අන්තයේ සංචරණය සීමා කර නිවසටම වී ගත කළ යුතු බවත් , ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ජනතාව ද නිරෝධායන රීති අනුව කටයුතු කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කෙරුණු කළුතර දිස්ත්‍රික්කයේ මතුගම – බදුගම නව ජනපදය ඊයේ පස්වරුවේ සිට එම තත්ත්වයෙන් මුදාහැරුණා.

කෙසේ වෙතත්, බස්නාහිර පළාත සහ කුලියාපිටිය මෙන්ම ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශ හා කුරුණෑගල මහනගර සභා සීමාවට පනවා ඇති, නිරෝධායනය ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

එසේම, ගිරිඋල්ල, සහ මාවනැල්ල, හෙම්මාතගම යන පොලිස් බල ප්‍රදේශ තවමත් හුදකලා ප්‍රදේශ ලෙසට නම්කර ඇත.

 

Related posts

මෝටර් රථයක් දුම්රියක ගැටේ….

Editor O

හෙට සිට සතියම පාසල් නිවාඩු

Mohamed Dilsad

ඉදිරි දින දෙක තුළ මැතිවරණයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට්ටුවක්

Mohamed Dilsad

Leave a Comment