දේශීය

වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය අවම සුදුසුකම් මෙන්න

(UTV| කොළඹ) – වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග 02 ක් පාර්ලිමේන්තු සභාවේ දී අද (03) සම්මත විය.

ඉන් එක් නියෝගයක් වූයේ මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරයෙක් බවට පත් වීමට නම් අවම වශයෙන් උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ 02 ක් සහ සාමාන්‍ය සාමාර්ථ 01 ක් මූලික සුදුසුකම් වශයෙන් පැවතිය යුතු බවට වූ නියෝගයයි.

අදාළ ගැසට් නිවේදනයේ රෙගුලාසි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

ඊට ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා තම විරෝධය පළ කර සිටි අතර , ඔහු යෝජනා කර සිටියේ වසරින් වසර එම සුදුසුකම සංශෝධනයට ලක්වන ලෙස නියෝගය ආඥාපනතට එක් කළ යුතු බවයි.

එබැවින් නියෝග 02 සම්මත නොකර උපදේශක කාරක සභාවේදී ඒ පිළිබදව වැඩිදුර සාකච්ජා කර සංශෝධනය කළ යුතු බවට අනුර කුමාර දිසානායක මහතා යෝජනා කළේය.

දිසානායක මහතාගේ විරුද්ධත්වය සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාළ නියෝග 02 පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

 

Related posts

‘ජනතා කැමැත්තේ විකෘතියක් පාර්ලිමේන්තුවෙන් පෙන්වූවා’

Mohamed Dilsad

මෝදි, රනිල්ගේ වටිනාකම ලොවට කියයි.

Editor O

ත්‍රීවිල්වලට ඉන්ධන කෝටාව ලීටර් 15ක් කරන්නලු

Mohamed Dilsad

Leave a Comment