ගොසිප්

වත්තලින් කොවිඩ් ආසාදිතයින් රැසක් හඳුනා ගනී

(UTV |කොළඹ) – වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පවතින එක් කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙක් වාර්තා වී තිබේ.

වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා සඳහන් කළේ පසුගිය දෙදින තුළ සිදුකළ PCR පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පිරිමි පුද්ගලයින් 75 දෙනෙකු රෝහල් ගත කිරීම ඊයේ (30) රාත්‍රියේ සහ අද (31) අලුයම කටයුතු කළ බවයි.

එම ප්‍රදේශයේ ආසාදිත බවට තහවුරු වූ කාන්තාවන් අද දිනයේ දී ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා පැවසීය.

Related posts

තෙල් සංස්ථාවෙන් ලංවිමට පැකේජ වශයෙන් ඉන්ධන..

Mohamed Dilsad

‘එක රටක් එක නිතියක්’ සභාපතිකම මම බලාපොරොත්තු වූ දෙයක්..- ඥාණසාර හිමි

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් ගින්න නිවන්න රජය වැය කළ මුදල අහිමිවීමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment