දේශීය

කාදිනල් හිමිපාණන් ගෙන් ඉල්ලීමක්

(UTV |කොළඹ) – මේ වන විට රට තුළ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින නිසා එම වසංගත ව්‍යාප්තිය මැඩලීම සඳහා ජනතා සහය සෞඛ්‍ය අංශ වෙත ලබාදිය යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

ඒ අනුව සෞ‍ඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් ඒ ආකාරයෙන් පිළිගැනීම සියලුදෙනාගේම වගකීම වන බව මැල්කම් කාදිනල් හිමිපාණෝ සඳහන් කළෝය.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“ඒ නිසා මීටරයක දුරස්ථභාවය පවත්වා ගැනීම, ජන සමාජයේ ජීවත් වෙනකොට අනිත් අය ඇසුරු කරන කොට මුව ආවරණයක් පැළඳිම, ප්‍රසිද්ධ ස්ථානවලට යනවිට අත සෝදාගෙන යෑම ඒ සියලු දෙයක්ම අපි ඉතාමත් විශ්වාසවන්ත ලෙස ඉටුකළ යුතුයි අපේ රට වෙනුවෙන්. ඒ නිසා අපේ රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් මිනිස් වර්ගයා වෙනුවෙන් ලොකු උනන්දුවකින් මේ යුතුකම ඉෂ්ට කිරීමට අපි කැපවෙමු යැයි කාදිනල් හිමිපාණන් පැවසුහ.

Related posts

අද පාර්ලිමේන්තුව පැය 3කට රැස්වේ

Mohamed Dilsad

ඔන්ලයින් මූල්‍ය වංචා ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට තර්ජනයක්

Editor O

උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලාද…? – ඒ පිටුපස මා-ලිමා අදිසි හස්තයක්….!

Editor O

Leave a Comment