දේශීය

20 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

(UTV |කොළඹ) – මෙරට 20 වන කොවිඩ් නයින්ටීන් මරණය අද (31) වාර්තා වී තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවකි.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය, වමනය සහ දියවැඩියාව රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) මියගොස් තිබේ.

ඇයගේ PCR පරීක්ෂණ වාර්තාව අද පෙරවරුවේ ලැබුණු පසුව ඇයට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

 

Related posts

බොරතෙල් මිල පහළට

Mohamed Dilsad

පෞද්ගලික බස් හෙට සිට සීමා වෙන ලකුණු

Mohamed Dilsad

එක්නැලිගොඩ නඩුවට අදාළ පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ වේ

Mohamed Dilsad

Leave a Comment