දේශීය

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරු 6100 ඉක්මවයි

(UTV |කොළඹ) –  මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,145 දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ (29) දිනය තුළ පමණක් ආසාදිතයින් 586 දෙනෙකු හඳුනාගැණු බවයි.

ඔවුන්ගෙන් 115 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් 467 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ සහ ධීවර වරායන් ආශ්‍රිතව හඳුනාගෙන තිබේ.

ඉන් 50 දෙනෙකු මීගමුව ධීවර වරාය ආශ්‍රිතව හඳුනාගෙන ඇත.

විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු සහ ඉන්දුනීසියානු නාවිකයින් තිදෙනෙකු ආසාදිතයින් බවට ඊයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 9,791 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

හලාවත ඉරණවිල ඉදිකළ කොරෝනා ප‍්‍රතිකාර රෝහල ජනතා අයිතියට [PHOTOS]

Mohamed Dilsad

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි හානි කර ගනී

Mohamed Dilsad

සජබ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment