දේශීය

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරු 6100 ඉක්මවයි

(UTV |කොළඹ) –  මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,145 දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ (29) දිනය තුළ පමණක් ආසාදිතයින් 586 දෙනෙකු හඳුනාගැණු බවයි.

ඔවුන්ගෙන් 115 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් 467 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ සහ ධීවර වරායන් ආශ්‍රිතව හඳුනාගෙන තිබේ.

ඉන් 50 දෙනෙකු මීගමුව ධීවර වරාය ආශ්‍රිතව හඳුනාගෙන ඇත.

විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු සහ ඉන්දුනීසියානු නාවිකයින් තිදෙනෙකු ආසාදිතයින් බවට ඊයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 9,791 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ගෑස් සමාගම්වලට ඇමතිගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

නාමල් රාජපක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එයි

Editor O

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment