ක්‍රීඩා

LPL තරගාවලියෙන් ක්‍රීඩකයින් 5 ක් හදිසියේම ඉවත් වෙයි

(UTV | කොළඹ) – ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට නියමිතව සිටි ජාත්‍යන්තර ක්‍රීඩකයින් 05 දෙනෙකු එම තරගාවලිය සඳහා සහභාගී නොවන බව දැනුම් දී තිබේ.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන ෆෆ් ඩූ ප්ලෙසිස්, ඩේවිඩ් මිලර් සහ ඩේවිඩ් මාලන් මෙලෙස තරගාවලිය සඳහා සහභාගී නොවන බව දැනුම් දී ඇත.

ෆෆ් ඩූ ප්ලෙසිස්, ඩේවිඩ් මිලර් සහ ඩේවිඩ් මාලන් දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වන බැවින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවන බව දැනුම් දී තිබේ.

ආබාධයක් හේතුවෙන් ඇන්ඩ්‍රි රසල් මෙම තරගාවලිය සඳහා සහභාගී නොවන බව දැනුම් දී ඇත.

මීට අමතරව ඉන්දියානු ක්‍රීඩක මන්වීන්ද්‍ර බිස්ලා ද ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවන බව දැනුම් දී ඇත.

Related posts

CPL ආරම්භය අගෝස්තු 28 වනදා

Mohamed Dilsad

සුපිරි ක්‍රිකට් තරුව ක්‍රිකට්වලින් ඉවත්වෙයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාව කඩුලූ 7කින් ජයග්‍රහණයට

Mohamed Dilsad

Leave a Comment