දේශීය

කොරෝනා ආසාදිතයින් ආශ්‍රය කල පොලිසියේ 17 ක් නිරෝධායනයට

(UTV | කොළඹ) – කොරෝනා ආසාදිතයින් ආශ්‍රය කල පොලිස් නිලධාරීන් 17 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇත.

ඒ අතර , මුල්ලේරියාව පොලිසියේ 11 දෙනෙකු , පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ 04 දෙනෙකු සහ පූගොඩ පොලිසියේ දෙදෙනෙකු ද වෙයි.

මීට අමතරව මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් 100 සිය නිරෝධායන කාලය අවසන් කර ඊයේ සිය නිවෙස් වෙත ගොස් ඇත.

අදාළ පොලිස් නිලධාරීන් නිරෝධායනය සදහා යොමු වී තිබුණේ හබරාදුව ,කලුතර සහ කුන්ඩසාලේ යන පොලිස් අභ්‍යාස විද්‍යාලවලයි.

තවත් දින 14 ක කාලයක් ඔවුන් සිය නිවෙස් තුළ ස්වයං නිරෝධායනයේ සිටිය යුතු බැවින් එම කාලය අවසන් වන තුරු කිසිදු නිලධාරියෙකු සේවයේ යෙදවීමක් සිදු නොවන බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙකු ප්‍රකාශ කළේය.

 

Related posts

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට

Mohamed Dilsad

පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

ඉදිරි මාස 03 සඳහා රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්ට බලය හිමිවේ

Mohamed Dilsad

Leave a Comment