දේශීය

මාකඳුරේ මධුෂ්ගේ දේහය ඥාතීන් වෙත[PHOTOS]

(UTV |කොළඹ) – අද අලුයම මාලිගාවත්ත නිවාස සංකිර්ණය අසල සිදුවු වෙඩි හුවමාරුවක දී මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්  පරීක්ෂණය අවසන්ව තිබේ.

කොළඹ අලුත්කඩේ අංක 4 මහෙස්ත්‍රාත් අධිකරණයේ, මහෙස්ත්‍රාත්වරිය විසින් එම සිදුවීම වු ස්ථානය හා මෘත ශරීරය නිරීක්ෂණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

මියගිය පුද්ගලයාගේ විවාහක බිරිඳ විසින් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ දී මෘත ශරීරය හඳුනාගෙන ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මළ සිරුර ඥාතීන් වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පෞද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයක්

Mohamed Dilsad

මගී නෞකාවක් පෙරළී 38ක් අතුරුදන්

Editor O

Leave a Comment