විදෙස්

ඕස්ට්‍රේලියාවේ ආසාදිතයන්ගේ අඩුවක් – වික්ටෝරියා නීති ලිහිල් වෙයි

(UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ දින 100 කට වඩා වැඩි කාලයක් අගුළු දැමීමෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ දැඩි කොරෝනා වෛරස් සීමා කිරීම් ලිහිල් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තය ආශ්‍රිතව ඇති වූ නව කොරෝනා වෛරස පොකුර පාලනය කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව අද දිනයේ සිට මිනිසුන්ට නිවසින් පිටත කොපමණ කාලයක් ගත කරනවාද යන්න පිළිබඳ කාල සීමාවක් නොමැති අතර, නිදහසේ ගමන් කිරීමටත්, මිතුරන් හමුවීමටත් අවස්ථාව ලබාදී ඇති අතර , එහෙත් අවන්හල් සහ සිල්ලර වෙළෙඳ සැල් සඳහා දැඩි පියවරයන් තවමත් ක්‍රියාත්මක වන්නේ, රැගෙන ගොස් ආහාර ගැනීමට හා ආහාර බෙදාහැරීමේ විකල්ප පමණක් ලබාදෙමිනි.

දැඩි අගුළු දැමීමක් පැවති මෙල්බර්න් නගරයේද ඉදිරියේ දී නීති රීති ලිහිල් වනු ඇති බව එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

රුසියානු ජනපතිගෙන් උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන්ට ආරාධනයක්

Mohamed Dilsad

ඉරානයේ මිසයිල ප්‍රහාරයට ඇමරිකාවෙන් ප්‍රති උත්තරයක්

Mohamed Dilsad

ඇමෙරිකානු-ජපාන ජනාධිපතිවරු උතුරු කොරියානු අර්බුදය ගැන සාකච්ඡා කරති

Mohamed Dilsad

Leave a Comment