දේශීය

කොරෝනා නිසා කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ වාට්ටු දෙකක් වසයි

(UTV |කුලියාපිටිය) – කුලියාපිටිය රෝහලේ නේවාසිකව ප‍්‍රථිකාර ලබමින් සිටි කාන්තාවකට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් මෙම කාන්තාව පළමුව ප්‍රතිකාර කිරීමට ඇතුලත් කළ රෝහලේ 15 හා 11 වාට්ටු දෙක සහ දැඩි සත්කාර ඒකකය වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

කුලියාපිටිය රෝහලේ මේ වනවිට ප‍්‍රථිකාර ලබමින් සිටින රෝගීන්ට එලෙසින්ම ප‍්‍රථිකාර කිරීම දිගටම සිදුකරනු ලබන අතර නව රෝගීන් ඇතුළත් කිරීම මේ වනවිට නවතා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රෝගීන්ට ප‍්‍රථිකාර කළ සාත්තු කළ මෙන්ව ඇප උපස්ථාන කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේ 43 දෙනෙකු මේ වනවිට නිරෝධායනය කිරීමට නව නිරෝධායන මධ්‍යස්ථානයක් කුලියාපිටිය යාකරවත්ත ගුරු පුහුණු මධ්‍යස්ථානයේ ප‍්‍රථිස්ථාපනය කිරීමට මේ වනවිට කටයුතු සිදුකරන බව කුලියාපිටිය රෝහල් අධ්‍යක්‍ෂකවරයා සඳහන් කරයි.

ඉකුත් 12 වෙනිදා හෘද රෝගයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කරන ලද මෙම කාන්තාවට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් පසුගිය 14 වෙනිදා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇත.

Related posts

කොරෝනා පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදු කරන්නන්ට එරෙහි දැඩි ක්‍රියාමාර්ග

Mohamed Dilsad

එළවළු සහ පළතුරු පසු අස්වනු හානිය සියයට 40% සිට 25% දක්වා පහළට

Editor O

සෞඛ්‍ය නීති රීති යටතේ හජ් වන්දනා සමය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment