දේශීය

පූගොඩ තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිසියේ 2 කගේ වැඩ තහනම්

(UTV | ගම්පහ) – පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි  තරුණයෙක් මියයාම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව පූගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.

ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් සිදුකරන මූලික පරීක්ෂණය යටතේ අදාළ තීරණය ගෙන තිබේ.

අදාළ තරුණයාට පහරදීමේ චෝදනාව මත පෙරේදා දිනයේදී සැකකරුවන් 04 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.

 

Related posts

ලෝකයේ ප්‍රථම වතාවට ලංකාවේ තේ කර්මාන්තශාලාවකට ප්‍රමිති සහතිකයක්

Mohamed Dilsad

අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට නොහැකි මන්ත්‍රීවරු ඉල්ලා අස්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

පොලිස් බුද්ධි අංශයේ නිලධාරියෙකු ලෙස අඟවමින් මුදල් වංචා කළඅයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment