දේශීය

බන්ධනාගාර වල ආරක්ෂාවට විශේෂ ආරක්ෂක බලඇණියක්

(UTV |කොළඹ) – බන්බධනාගාර න්ධනාගාර ආරක්ෂාව වැඩි කිරීම සඳහා විශේෂ ආරක්ෂක බලඇණියක් යෙදවීමට සුදානම් වෙයි.

ඊට අවශ්‍ය බඳවා ගැනීම් සිදුකිරීම කෙරෙහි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

මෙම බලඇණිය සඳහා විශේෂ හමුදා පුහුණුවක් ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව ඇත.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගියදා එම අමාත්‍යාංශයේදී පවත් වුණි.

ඒ රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී  අවධානය යොමුව ඇත්තේ සිරකරුවන් අධිකරණය සඳහා ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන්ට එල්ල වන තර්ජන සහ රැඳවියන්ට බාහිර පාර්ශවයන්ගෙන් එල්ල වන තර්ජනයන් සම්බන්ධයෙනි.

Related posts

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ ආශ්‍රිතයන් 90% ක් නිරෝධායනයට යොමුකර අවසන්

Mohamed Dilsad

සැලකිලිමත් වන්න

Mohamed Dilsad

විපක්ෂනායකවරයා ඉන්දීයානු ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කවුන්සිලය අමතයි

Editor O

Leave a Comment