දේශීය

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ ආශ්‍රිතයන් 90% ක් නිරෝධායනයට යොමුකර අවසන්

(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොවිඩ් ආසාදිතයන්ගේ පවුල්වලින් 90 % ක් පමණ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන ගොස් ඇතැයි යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

අනෙක් පිරිසේ පළමු ආශ්‍රිතයන්ද ඉදිරි දින 02 තුළ නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාමට නියමිත බව ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා කියා සිටියේය.

එමෙන්ම , කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් ද කොරෝනා රෝගීන් 39 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඊයේ දිනයේදී ද නව ආසාදිතයින් 22 දෙනෙක් වාර්තා වී තිබේ.

Related posts

ගුවන් යානයක එන්ජිමක ගින්නක්

Editor O

දුම්රියත් නවතී ද? – අද තීරණාත්මක සාකච්ඡාවක්

Mohamed Dilsad

මත්තල ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment