දේශීය

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද උසස් පෙළ විභාගය අද සිට

(UTV |කොළඹ) – කොවිඩ් – 19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (12) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ කෙරේ.

ඒ අනුව අද සිට නොවැම්බර් මස 06 වන දින දක්වා විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී පැවැත්වෙනු ඇත.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

කොවිඩ් – 19 අවදානම නිසා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් 12ක් අතිරේක විභාග මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති අතර ඒවාට ප්‍රවාහන් පහසුකම් සලසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

Related posts

ත්‍රිරෝද රථ ගාස්තු වැඩි වෙයි

Mohamed Dilsad

වී කිලෝවක සහතික මිල ට ආණ්ඩුව කරන්න යන දේ ගැන ආචාර්යය හර්ෂගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

Editor O

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment