දේශීය

විභාග සඳහා පෙනී සිටින සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍රය අවසර බලපත්‍රය ලෙස යොදා ගන්න අවසර

(UTV |කොළඹ) – ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පහ ශ්‍රේණිය ශිෂත්වය සහ අ.පො.ස උසස් පෙළ සිසුන්ට විභාග ප්‍රවේශපත්‍රය ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කිරීමට අවසර ලබා දෙන බව පොලිසිය පවසයි.

මේ අතර මෙම විභාග සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු මේ වන විටත් සුදානම් කර තිබේ.

ඒ කොවිඩ් -19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙසයි.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ අධිකරණ තීන්දුව ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

Editor O

ආහාර විසවීමකින් සිසුන් 41 ක් රෝහල් ගතකරයි

Mohamed Dilsad

නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව හෙට (04) අලුයම අහසේ

Editor O

Leave a Comment