දේශීය

අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි

(UTV |කොළඹ) – උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසයි.

ඇතැම් ප්‍රදේශ වලට මි.මී 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට කාලගුණ අංශය දැනුම් දෙයි.

Related posts

අධිවේගී මාර්ගවල කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ පහසුකම්

Editor O

සමාජ මාධ්‍යෙය් දැඩි විරෝධය ඉදිරියේ රු. 72000 මල්ටි ප්ලග් ටෙන්ඩරය අවලංගු කරයි

Editor O

මියගිය ස්ථානාධිපති ගැන පරීක්ෂණ තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment