දේශීය

විශ්‍රාම වැටුප් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු සේවා අත්හිටුවයි.  

(UTV |කොළඹ ) – රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය සැළකිල්ලට ගනිමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවා දායකයන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයන්ගේ පැමිණීම ඔක්තෝබර් මස 08,09 සහ 10 යන තෙදින තුළ අත්හිටුවීමට පියවර ගත් බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා පැවසීය.

මේ අතර රටේ පවතින තත්ත්වය මත දේශීය ආදායම්  දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීම සඳහා බාහිර පුද්ගලයන්ගේ පැමිණීම ද අද (07) සිට නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබේ.

එසේ වුවද මහජනතාවට අවශ්‍යවන සියලුම බදු සේවා ලබාගැනීම සඳහා සියලුම සේවා මාර්ගගත ක්‍රමය (e – service)ඔස්සේ සපයාගත හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි සියලු විස්තර දේශීය ආදායම්  දෙපාර්තමේන්තුවේ වෙබ්අඩවිය වන (www.ird.gov.lk)  ඔස්සේ  හෝ 1944 ක්ෂණික ඇමතුම් අංකය අමතා ලබා ගත හැක.

Related posts

කොවිඩ් මර්දන එන්නත්කරණය 400 කට වැඩි මධ්‍යස්ථාන

Mohamed Dilsad

ලබා ගත් ණය වලට සහන දෙන හැටි

Mohamed Dilsad

රජය විසින් MCC ගිවිසුම සමාලෝචනයට කල් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment