දේශීය

විදෙස් ශ්‍රමිකයන්ගේ රැකියා පිළිබඳව ජනපතිගේ අවධානය

(UTV | කොළඹ) – ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇත.

එමගින් රටට මෙන්ම ශ්‍රමිකයින්ට ද ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි අතර රැකියා සුරක්ෂිතතාව තහවුරුවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

රැකියා ගිවිසුම් අවසන් වුවද කොවිඩ් 19 නිසා සියරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රමිකයන්ගේ රැකියා ගිවිසුම් දීර්ඝ කිරීම සඳහා අදාළ ආයතන සහ අංශ සමග සාකච්ඡා කරන ලෙස ද ජනාධිපතිතුමා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දුන්නේය.

ශ්‍රමිකයින් විදේශගත කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාව විදේශ විනිමය ඉපැයීම නොව ඔවුන්ට යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීම බව ද ජනාධිපතිතුමා එහිදී අවධාරණය කර සිටියේය.

Related posts

ජපානයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදනයන් චීනය තුළ අලෙවිය අඩු වෙයි

Mohamed Dilsad

ලබන 21 වැනිදා සිට දුම්රිය ධාවනය ඇරඹේ

Mohamed Dilsad

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment