දේශීය

මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ගණන

(UTV |ගම්පහ) – ඊයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ගණන වෙයි.

ඊයේ (06) දිනය තුළ පමණක් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 605 දෙනකු හඳුනාගැනුණි.

එය මෙරට එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වේ.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම්හලේ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 708 දක්වා ඉහළ නැගීමත් සමගය.

ඉන් පළමු ආසාදිතයින් ලෙස හඳුනාගැනුණේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සේවය කළ දිවුලපිටියේ කාන්තාව සහ ඇගේ දියණියයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ ව්‍යාප්තිය සැළකීමේදී ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩින් පමණක් හඳුණාගත් ආසාදිතයින් ගණන 694 කි.

මීරිගමින් ආසාදිතයින් තිදෙනෙක්, දිවුලපිටියෙන් ආසාදිතයින් දෙදෙනෙක්, කටානෙන් ආසාදිතයින් දෙදෙනෙක්, සීදුව, ජාඇළ සහ මහර ප්‍රදේශවලින් එක් ආසාදිතයෙකු බැගින් හඳුනාගෙන තිබේ.

අදාළ ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් නිවාඩු ගොස් සිටින අතර ඔවුන් අතරින් කුරුණෑගලින් ආසාදිතයින් දෙදෙනෙකු, යාපනය හා මොණරාගලින් එක් ආසාදිතයෙකු බැගින් හඳුනාගැනුණි.

ඊයේ ආසාදිත බවට හඳුනාගත් සේවිකාවන් අතරින් 33 දෙනෙකු රැඳී සිටියේ එම ඇඟලුම් ආයතනයටම  අයත් මිනුවන්ගොඩ නේවාසිකාගාරයකය.

Related posts

මහවැලි අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

උ/පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ දින අද ප්‍රකාශයට

Mohamed Dilsad

මුදල් ලැබෙන හැටි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ හෙළිකරයි

Editor O

Leave a Comment