දේශීය

දෙහිවල අපරාධ අංශයේ ස්ථානාධිපතිට අල්ලස් දීමට තැත්කළ අයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  දෙහිවල පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබා දීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (04) අත්අඩංගුවට ගත් මොහු සතුව තිබී විවිධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 88 ක් සහ ජාතික හැඳුනුම්පත් 26 ක්, බැංකු පොත් 6ක් සහ රියදුරු බලපත්‍ර තුනක්ද සෙයාගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

සැකකරු අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.

Related posts

සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණවලට “සමගි ජන සන්ධානයෙන්”

Mohamed Dilsad

අගමැතිතුමාගේ විශේෂ ප්‍රකාශය අද පස්වරුවේ

Mohamed Dilsad

නීතිපති නිව් ඩයමන්ඩ් කළ සාගර දූෂණයට වන්දි ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment