දේශීය

දෙහිවල අපරාධ අංශයේ ස්ථානාධිපතිට අල්ලස් දීමට තැත්කළ අයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  දෙහිවල පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබා දීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (04) අත්අඩංගුවට ගත් මොහු සතුව තිබී විවිධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 88 ක් සහ ජාතික හැඳුනුම්පත් 26 ක්, බැංකු පොත් 6ක් සහ රියදුරු බලපත්‍ර තුනක්ද සෙයාගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

සැකකරු අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.

Related posts

ඉදිරි කාලය තුල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් [VIDEO]

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක්

Mohamed Dilsad

හිටපු අමාත්‍ය බදියුදීන් ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කරගනී

Mohamed Dilsad

Leave a Comment