දේශීය

කොරෝනා රෝගියා ඇසුරු කළ 400ක් නිරෝධායනයට

(UTV |කොළඹ) – කොවිඩ් -19 රෝගියෙකු ලෙස හඳුනාගත් ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් 400 දෙනෙකු පමණ හඳුනා ගැනේ.

මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩී.ඒ රන්දෙනිය මහතා සඳහන් කළේ අදාළ කාන්තාව සේවය කළ ආයතනයේ පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බවය.

එම පිරිස ඉදිරියේදී PCR පරීක්ෂණවලට යොමු කිරීමටනියමිත බවඩ් ඔහු සඳහන් කළේය.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

නැවත දැනුම්දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති.

මේ අතර බෙම්මුල්ල, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා සංචරණ සීමා පැනවීමට ද පියවර ගෙන තිබේ.

මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.

Related posts

යුක්තියට ඔත්තුවක් දෙන්න | සල්ලි වැස්සක තෙමෙන්න

Mohamed Dilsad

රංජන්ගේ හඩපට අතුරින් 19 ක් සංස්කරණය කිරීමෙන් පසු මන්ත්‍රීවරුන්ට

Mohamed Dilsad

ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment