දේශීයව්‍යාපාරික

වැලි මිලට ගැනීමට නව තාක්ෂණික ක්‍රමවේදයක්

(UTV| පොළොන්නරුව) – මහජනතාවට අවශ්‍ය වැලි මිලදී ගැනීම සඳහා නව තාක්‍ෂණික ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොළොන්නරුවේ මනම්පිටියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන්කර සිටියේය.

මහවැලි ගඟේ මනම්පිටිය ප්‍රදේශයේ වැලි තොටුපල පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඇමතිවරයා ඒ බව කියා සිටියේය.

මහවැලි ගඟේ මනම්පිටිය ප්‍රදේශයේ වැලි ගොඩ දැමීම මෙතෙක් ක්‍රියාත්මකවූ වැලි සමාගම මගින් සිදුකළ ක්‍රමවේදය වෙනුවට වැලිමංකඩ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට (පෞද්ගලික මට්ටමින් වැලි ගොඩ දැමීම) උපදෙස් දුන් බවද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

 

Related posts

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමට සැරසෙයි

Mohamed Dilsad

අභ්‍යාසලාභී කාන්තා නිලධාරිනියන්ගේ ප්‍රසුත නිවාඩු කප්පාදුවක්

Mohamed Dilsad

තොරතුරු තාක්ෂණවේදීන් 10,000 ක් රට හැර යයි

Mohamed Dilsad

Leave a Comment