ක්‍රීඩා

ලංකාවේ පළමුවරට පැවැත්වෙන ARMY COMMANDER’S LEAGUE ක්‍රිකට් තරඟාවලිය

(UTV | කොළඹ) – ARMY  COMMANDER’S  LEAGUE ක්‍රිකට් තරඟාවලියක් මෙරටදී පළමු වරට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කණ්ඩායම් 4 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ARMY  COMMANDER’S  LEAGUE ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුව විසින් සංවිධානය කරනු ලබයි.

ඒ අනුව මෙම තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වී ඔක්තෝබර් 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර , නොදන් වොරියස්, ඊස්ටන් වොරියස්, සදන් වොරියස් සහ වෙස්ටර් වොරියස් ලෙස කණ්ඩායම් 4 නම් කර තිබේ.

නොදන් වොරියස් කණ්ඩායමේ නායකත්වය සීක්කුගේ ප්‍රසන්නට හිමිව ඇති අතර දිනේෂ් චන්දිමාල් විසින් සදන් වොරියස් කණ්ඩායමේ නායකත්වය දරයි.

ඊස්ටන් වොරියස් කණ්ඩායමේ නායකත්වය අසේල ගුණරත්න විසින් දරන අතර වෙස්ටර් වොරියස් කණ්ඩායමේ නායක ලෙස කටයුතු කරන්නේ තිසර පෙරේරාය.

ඒ අනුව තරගාවලියේ සියලු තරග හොරණ දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී සහ සාලියපුර ගජබා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

Related posts

එංගලන්ත සංචිතයේ වෙනසක්

Mohamed Dilsad

20යි විස්සේ ඉතිහාසගත වන ත්‍රිත්ව ශතකය

Mohamed Dilsad

යසිත ද සිල්වා සහ හීරා ආෂික් ටෙනිස් කේවල අවසන් මහා තරගයට

Mohamed Dilsad

Leave a Comment