දේශීය

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

(UTV |මහනුවර) – උඩුදුම්බර නිසාරුව ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ උඩුදුම්බර පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සැකකරු සතුව තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 39ක් සහ මුද්‍රණය සඳහා උපයෝගිකර ගන්නා  උපකරණ කිහිපයක් පොලීසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

ඔහු සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

රිලව් ලක්ෂ 80 යි : වඳුරන් ලක්ෂ 40යි : වන සත්ත්ව සංගණනයේ දත්ත දෝෂ සහිතයි : ප්‍රදේශ කිහිපයක සංගණනය නැවත කළ යුතු බව නිලධාරීන් කියයි.

Editor O

කොහුවල දී හමුවූ පිළිස්සුණු මළ සිරුර ව්‍යාපාරිකයාගේ බව DNA තහවුරු කරයි

Mohamed Dilsad

බූරු මූණා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment