ව්‍යාපාරික

අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ නව ක්‍රමවේදයක්

(UTV | කොළඹ) – ඉවතලන අපද්‍රව්‍ය සඳහා වාණිජමය අගයක් ලබාදෙමින්, අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවිම තුළින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට සුවිශාල දායකත්වයක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි එච්.ඊ. රීටා මැනෙල්ලා මහත්මිය අවධාරණය කරයි.

ඇය මේ බව කියා සිටියේ පසුගියදා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග පැවති නිල සාකච්ඡාවකට එක්වෙමින්.

මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය ලාභදායි පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුවෙමින් පවතින බැවින්, කසල වැනි විකල්ප බලශක්ති ප්‍රභවයන්ද අත්හදා බැලීම වඩාත් යෝග්‍ය වනු ඇතැයි පැවසූ තානාපතිවරිය, ඒ වෙනුවෙන් තම රටට ආයෝජන හැකියාවක් පවතින බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හට පැවසීය.

මේ වනවිට බොහෝ රටවලට දෛනිකව ඉවතලන ද්‍රව්‍ය කළමණාකරණය විශාල ගැටලුවක්ව පවතින අතර ශ්‍රී ලංකාවටද මෙම ගැටලුවට මුහුණදීමට සිදුවී ඇති බව මෙහිදී පැවසූ විදුලිබල අමාත්‍යවරයා, එම ගැටලුවට විසඳුමක් ලෙසින් මෙවැනි ව්‍යාපෘතියක් පිළිබදව සහයෝගය දැක්වීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඉතාලි තානාපතිවරියට සිය ප්‍රසාදය ඵල කළේය.

Related posts

කොටස් වෙළෙඳපොළ දරුණු ලෙස කඩා වැටෙයි. : උද්ධමනයත් ඉහළ යයි.

Editor O

පොල්තෙල් වලට වෙනත් තෙල් මිශ්‍ර කිරීම තහනම් කරමින් නව ගැසට්ටුවක් [GAZETTE]

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කෙරේ

Mohamed Dilsad

Leave a Comment