ගොසිප්

පාර්ලිමේන්තුවට උල් කතුරක් රැගෙන ආ තිදෙනෙකු ගැන පරීක්‍ෂණ

(UTV |කොළඹ) – පාර්ලිමේන්තුවට උල් කතුරක් රැගෙන ආ බව කියන රජයේ මුද්‍රණාලයේ සේවකයෝ තිදෙනෙක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ඇරඹේ.

ඊයේ (23)  පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වැලිකඩ පොලිසියට භාර දී තිබේ.

තව දුරටත් මේ සම්බන්ධයෙන් එම සේවකයන් තිදෙනාගෙන් ප්‍රශ්න කරගෙන යන බව වැලිකඩ පොලිසිය පවසයි.

එම සේවකයින් විසින් පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබූ ලිපිද්‍රව්‍ය පාර්සලයක් ඇතුළේ තිබියදී මේ උල් කතුර හමුවී ඇත.

මේ පාර්සල් එක්ස්රේ පරික්ෂණ යන්ත්‍ර මගින් පරික්ෂා කිරීමේදී උල් කතුර දැක තිබේ.

පසුව ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබුණි.

මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මියගෙන් කළ විමසුමක දී ඇය සඳහන් කළේ මේ සිද්ධිය තමාට පොලිසියෙන් දැනුම් දී ඇති බවයි.

Related posts

ඊළඟ අගමැති?

Mohamed Dilsad

ශ්‍රී ලනිපයෙන් තනිව තරග කරන අය රාජපක්ෂවරුන් ගැන කියූ දේ [LETTER]

Mohamed Dilsad

ආණ්ඩුවේ තීරණ වලට ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන්ම විරෝධය

Mohamed Dilsad

Leave a Comment