දේශීය

සෞදියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය වැසේ

(UTV |සෞදිය) – සෞදි අරාබියේ ජෙඩා පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දමයි.

ඒ එහි සේවය කළ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟය.

එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේ අනුව කොන්සල් කාර්යාලය ලබන 27 වනදා යළි විවෘත කිරීමට නියමිත බවයි.

මෙම කාලය තුළ හදිසි සේවා සඳහා ඊමේල් සහ දුරකථන අංක ඔස්සේ කොන්සන් ජනරාල් කාර්යාලය සම්බන්ධ විය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

Related posts

මහනුවර රජයේ වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

Mohamed Dilsad

ඇමෙරිකා තීරු බදු ගැන එජාපයෙන් නිවේදනයක්

Editor O

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

Editor O

Leave a Comment