දේශීය

නීතිවිරෝධී ලෙස ගෙන්වූ සුවඳ විලවුන් හා ආලේපන තොගයක් සොයා ගැනේ

(UTV |කොළඹ) – නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුවඳ විලවුන් හා ආලේපන තොගයක් පිටකොටුව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ මෙම සුවඳ විලවුන් මිනිස් සිරුරට විෂ සහිත බවයි.

රුපියල් කෝටියක ආසන්න වටිනාකමකින් යුත්තව මේවා මෙරටදී අලෙවී කිරීමට සැලසුම් කර තිබී ඇත.

පාරිභෝගිකයෙක් ගෙන් ලැබුණු තොරතුරකට අනූව පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ පිටකොටුව පොලීසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබේ.

රසදිය හා අනෙකුත් සංඝටක තොරතුරු නොමැති මෙම නීති විරෝධී සුවඳ විලවුන් තොගය සහ ආලේපන විවිධ රෝගාබාධ ඇති කිරීමට හේතු වන බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

Related posts

සමස්ත පාසල් දරුවන් ගැන සිතා හෙට සේවයට වාර්තා කරන්න – ඇමති බන්දුල ගුණවර්ධන

Editor O

කොරෝනා මර්දනයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය

Mohamed Dilsad

නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment