ක්‍රීඩා

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශයක් ශම්මි සිල්වා ප්‍රතික්ෂේප කරයි

(UTV| කොළඹ) –  බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය පිළිබද බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දනුම් දී තිබේ.

ඒ, බංග්ලාදේශ ක‍්‍රීඩකයින් මෙරටදී දින 14 ක නිරෝධායනයක් සදහා යොමු කිරීම පිළිබද බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපතිවරයා විරෝධය පළ කිරීම හේතුවෙන්.

එමෙන්ම , බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයේදී පවතින නිරෝධායන කාලසීමාව දින 7 කට ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන්වූ බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එරට මාධ්‍යයට සඳහන් කර තිබුණද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා එය ප්‍රතික්ෂේප කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ඒ අය එහෙම කියලා තියෙනවා නම් ඒක වැරැදියි. එහෙම කියලා තියෙන්නේ කාටද කියලත් මම දන්නෙ නැහැ. නිරෝධායන කාල සීමාව දින 7 කට සීමා කිරීම සම්බන්ධයෙන් අපි ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වුවේ නැහැ. කොහොම වුණත් සෞඛ්‍ය බලධාරීන් අපිට ලබා දී ඇති නීති රාමුවට පිටින් යන්න අපිට බැහැ. අනිවාර්යයෙන්ම බංග්ලාදේශ කණ්ඩායම දින 14 නිරෝධායනයකට යොමු විය යුතුයි” යැයි පැවැසූ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු නීති සමුදායක්ද පෙන්වා දුන්නේය.

“ශ්‍රී ලංකාවට පැමිණීමට පෙරත් ඔවුන් බංග්ලාදේශයේදී නිරෝධායන කාල සීමාවකට යටත් වී පැමිණිය යුතුයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි පසු අපේ සෞඛ්‍ය බලධාරීන්ගේ නියමය පරිදි ඔවුන් රැඳී සිටින හෝටල කාමර තුළ දින 14ක පූර්ණ නිරෝධායනය විය යුතුයි. එහි සියලුම වියදම් දරන්නේ ක්‍රිකට් ආයතනයයි”යනුවෙන්ද ශම්මි සිල්වා මහතා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

Related posts

LPL තරඟාවලියෙන් පාකිස්තානුවන් තිදෙනෙක් ඉවත් වෙයි

Mohamed Dilsad

පැතුම් වෙනුවට ඕෂධ තරඟයට

Mohamed Dilsad

තායිලන්තය පරාජය කරමින් එංගලන්ත කාන්තා පිල ජයගනී

Mohamed Dilsad

Leave a Comment