දේශීය

රැකියා විරහිත උපාධිධාරීන්ට විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) –  රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අයඳුම්පත් ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන් පිරිසකට අභියාචනා ඉදිරිපත්කිරීම සඳහා ලබාදී තිබූ කාලය අදින් අවසන් වෙයි.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරතවීම යන කරුණු ප්‍රතික්ෂේප වීමේ හේතු ලෙස සඳහන් කර ඇති අයඳුම්කරුවන්ට එලෙස අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබුණි.

ඒ අනුව, www.pubad.gov.lk අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළකර ඇති දැන්වීම අනුව සිය අභියාචනය සකස් කර එය තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර තිබුණි.

අද දිනයේදී ද ඕනෑම පුද්ගලයෙකුට අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිිිියි.

Related posts

උසස් පෙළ අවසන් වන තෙක් විදුලිය කප්පාදු නොකිරීමට එකඟතාවයක්

Mohamed Dilsad

රනිල් පරාජය කිරීම ජාතියේ අවසානයි – වජිර අබේවර්ධන

Editor O

ඇය-වැය සහ සිංහල අලුත් අවුරුදු කාල සීමාවේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම්වීම ගැන සමගි ජන බලවේගය කරුණු කියයි.

Editor O

Leave a Comment