ගොසිප්

නිව් ඩයමන්ඩ් ගින්න නිවන්න රජය වැය කළ මුදල අහිමිවීමේ අවධානමක්

(UTV |කොළඹ) – අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව බේරා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාව මෙන්ම වරාය අධිකාරිය පවා විශාල කැප කිරීමක් මෙන්ම වියදමක් සිදු කළේය.

නමුත් ඒ වෙනුවෙන් ගෙවන වන්දි මුදල සිංගප්පුරු සමාගමක් විසින් ලබා ගැනීමේ අවදානමක් ඇති බව වෙළද නාවික කපිතාන් ඉෂාරක පෙරේරා මහතා පවසයි.

පසුගියදා පුවත්පතක් වෙත ඔහු පවසා තිබුණේ ඉන්ධන නෞකාව ගින්නෙන් ගලවා ගැනීමට මැදිහත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල ලබා ගැනීම සදහා ශ‍්‍රී ලංකා රජය ඉක්මනින්ම අධිකරණ ක‍්‍රියාමාර්ග ගත යුතු බවයි.

ඉන්ධන නැවේ ගිනි නිවීම සඳහා වැඩි වෙහෙසක් දරා ඇත්තේ ශ්‍රී ලංකා රජය වුවද සිංගප්පුරු සමාගමක් විසින් ගැලවුම්කාර පාර්ශවය ලෙස පැමිණීම හේතුවෙන් අදාළ වන්දි මුදලට ඔවුන් ඉල්ලුම් කිරීමේ අවදානමක් ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

Related posts

පාර්ලිමේන්තුව සැසිය පටන් ගත්දා තේ බිල ජනපති ගෙවයි

Mohamed Dilsad

සහල් කිලෝ 3 ක් පවුලකට සති දෙකකට කන්න පුළුවන් – බන්දුල කියයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය ගැන තීරණය අද PCR වාර්තාවල ප්‍රතිඵලවලින් පසුව

Mohamed Dilsad

Leave a Comment