දේශීය

20 වන සංශෝධනය සම්බන්ධයෙන් ජනපති පැහැදිළි කරයි

(UTV |කොළඹ) – ජනාධිපතිවරයා 20 වන සංශෝධනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ “සියල්ල එකවර වෙනස් කරන්න බැහැ ඊට විශාල කාලයක් ගත වෙනවා. විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා.19 වැනි සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබාගන්න අපට අවශ්‍යයි. මූලික අරමුණ ජනාධිපති ධුර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යාම” බවයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ අද(10) ජනාධිපති කාර්යාලයේ අද පැවැති හමුවකදීය.

එමෙන්ම, පසුගියදා පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් පළ කළේය.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ “බලපෑම් කරනවානම් කළ යුතුව තිබුණේ මහාධිකරණයට එවැන්නක් කිසිවිටෙකත් සිදුවූයේ නැහැ. අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරයා පත් කළේ ව්‍යවස්ථා සභාව.එහි සිටියේ කරූ ජයසූරිය,සජිත් ප්‍රේමදාස,තලතා අතුකෝරාළ ඇතුළු පිරිසක්. විපක්ෂයට එක් තීන්දුවක් හොඳයි අනෙක නරකයි” යන්නය.

සරල ආරම්භයකින් විශාල වෙනසක් සිදු කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළා.

 

Related posts

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදා හැරීමට අවශ්‍ය මුදල් මහ බැංකුවෙන් ලබාදීමට තීරණයක්

Mohamed Dilsad

මුද්‍රා නොකැඩූ ගෑස් සිලින්ඩර් යළි කැදවන්නැයි ලිට්රෝ සමාගමට නියෝග

Mohamed Dilsad

කොරෝනා නිසා කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ වාට්ටු දෙකක් වසයි

Mohamed Dilsad

Leave a Comment