දේශීය

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

(UTV | නුවරඑළිය) – මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබේ.

ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 3ක් ද මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 8 ක්ද වශයෙන් ද පවතින බවයි.

ජලාශවල ජල මට්ටම ඉහල යාමත් සමග කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් ප්‍රකාශ කරයි.

Related posts

නෙළුම් පොකුණ අවට රථ වාහන තදබදයක්

Mohamed Dilsad

මෙරට සිටි ඉන්දියානුවන් පිරිසක් නැවත එරටට

Mohamed Dilsad

එජාපය මැතිවරණ ප්‍රචාරනය අරඹන දිනය ප්‍රකාශ කරයි

Mohamed Dilsad

Leave a Comment