දේශීය

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

(UTV | නුවරඑළිය) – මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබේ.

ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 3ක් ද මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 8 ක්ද වශයෙන් ද පවතින බවයි.

ජලාශවල ජල මට්ටම ඉහල යාමත් සමග කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් ප්‍රකාශ කරයි.

Related posts

හැරගිය අය අපිත් සමග එකතු වෙන්න – පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

Editor O

මහනුවර පවතින දැඩි වාහන තදබදයට පිළියමක්

Mohamed Dilsad

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දිනයේ පැය තුනකට සීමා කරයි.

Editor O

Leave a Comment