දේශීය

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් ඉහළට

(UTV| කොළඹ) – රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350 කින් ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් සිදුකළ ඉල්ලීමකට අනුව, මෙම තීරණය ගෙන තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ඒ සඳහා අවශ්‍ය පසුබිම සහ හැකියාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ වෛද්‍යපීඨ සහිත සියලු රජයේ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සහ පීඨාධිපතිවරුන් සමඟ කළ සාකච්ඡා කිහිපයකින් අනතුරුවයි.

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා එකවර මෙපණ සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කරගැනෙන ප්‍රථම අවස්ථාව මෙය බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, 2019 වසරේ පවත්වන ලද අධ්‍ය්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ සඳහා සිසුන් ඇතුළත් කිරීමේ දී පසුගිය වර්ෂවලට සාපේක්ෂ ව වැඩි සිසුන් ප්‍රමාණයකට ප්‍රවේශ අවස්ථා ලබාදීමත්, ඒ තුළින් රටේ මානව සම්පතට එක්වන අනාගත වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමත් මෙහි අරමුණ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Related posts

මෙම වසර තුළදී විදේශ ආයෝකයින් සමග ගිවිසුම් 123ක් අත්සන් කෙරේ

Mohamed Dilsad

මුන්දලම පොලිසිය ඇතුළු ස්ථාන කීපයක් විෂබීජහරණයට ලක්කරයි

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අද

Editor O

Leave a Comment