Trending News

කාලගුණයෙන් රතු නිවේදනයක්

(UTV | කොළඹ ) – දිවයිනට දැනට බලපා තිබෙන වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රාත්‍රී කාලයේ ඇතැම් ස්ථානවලට මිලි මිටර් 150 ට වැඩි තද වර්ෂාපතනයක් ඇදහැලෙනු ඇති බවත් කාලගුණ අංශය දැනුම් දෙයි.

මේ අතර, අද පෙරවරුවේ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්ත්වය හේතුවෙන් ගාල්ල උණවටුන බොනිවිස්ටා ප්‍රදේශයේ ගසක් කඩාවැටී ඊට යටවීමෙන් 59 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

තවද ගාල්ල උණවටුන බොනිවිස්ටා ප්‍රදේශයේ කිතුල් ගසක් කඩාවැටී ඊට යටවීමෙන් අද පස්වරුවේ කාන්තාවක් මියගියේය.

තද වැසි සමඟ බදුල්ල හාලිඇල කන්දෙගෙදර මාර්ගය ජලයෙන් යටවිය.

එසේම ගාල්ල තවලම ප්‍රදේශයේ පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී තිබුණි.

දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බැවින් හෙට (07) දහවල් 12 වනතුරු කුඩා සහ එක්දින ධීවර යාත්‍රා මුහුදට යාත්‍රා කරවීමෙන් වළකින ලෙස ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දී තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 24 තුළදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

Related posts

Floor collapse injures 30 at US University

Mohamed Dilsad

ரஞ்சித் டி சொய்சாவின் இறுதிச் சடங்கு இன்று

Mohamed Dilsad

Chilaw Urban Councillor Arrested

Mohamed Dilsad

Leave a Comment