ව්‍යාපාරික

හෙට සිට බිත්තර මිල පහළට

(UTV |කොළඹ) – හෙට(07) සිට බිත්තරයක මිල රුපියල් 2කින් අඩු කිරීමට සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කරයි.

ඒ ඊයේ තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ගත තීරණයකට අනුවට.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණ සිටි අතර එහිදී බිත්තර මිල සම්බන්ධයෙන් සහ නිෂ්පාදකයින්ගේ ගැටළු සාකච්ඡා කෙරුණි.

ඒ අනුව සුදු බිත්තරයක තොග මිල රුපියල් 19.50ක් සහ රතු බිත්තරයක තොග මිල රුපියල් 20ක් ද වන අතර, සුදු බිත්තරයක සිල්ලර මිල රුපියල් 21ක් සහ රතු බිත්තරයක සිල්ලර මිල රුපියල් 22ක් ද වන බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්.සරත් මහතා සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේ පළමු කාර්තුව තුළ සියයට 5.3% ක ධනාත්මක වර්ධනයක්

Editor O

සතොස සුදුළුණු කිලෝ 54,000ක් පුද්ගලික ආයතනයකට විකුණයි..

Editor O

රඳවා ගැනීමේ බද්ද 10%ක් කිරීමෙන් පාරිභෝගිකයෝ ගිණුම්වලින් මුදල් ඉවත් කර ගනිති

Editor O

Leave a Comment