දේශීය

වැසි වැඩි වන ලකුණු

(UTV |කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශ් වලට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද (06) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාරත්මේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී (50-60) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ගිණුම් ගැන ආණ්ඩුවේ අවධානය යොමු වෙයි…?

Editor O

UPDATE : පාර්ලිමේන්තුවට පැමිණි ජනපති ආ පයින්ම යයි

Mohamed Dilsad

ජංගම සහ ස්ථාවර දුරකතන, Pay TV ගාස්තු ඉහළට

Mohamed Dilsad

Leave a Comment