කලා

ඓශ්වර්යා රායි ලංකාවට

(UTV | කොළඹ) – ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වන මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය ‘‘පොන්නියන් සෙල්වන්’’ රූගත  කිරීම්වල ඉතිරි කොටස ලබන ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාවේදී සිදුකිරීමට කටයුතු යොදා ඇත.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම්වල 30% ක් පමණ මීට පෙර තායිලන්තයේදී සිදුකර තිබේ.

ඉතිරි සම්පූර්ණ කොටස මෙරට රන්මිහිතැන්න සිනමා ගම්මානය, දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී දින 100 ක කාලයක් තුළ රූගත කිරීමට සියලු සැලසුම් සූදානම් කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව – ඉන්දියාව සම්බන්ධවූ චෝල අධිරාජ්‍යය පදනම් කරගෙන කල්කි ක්‍රිෂ්ණමූර්ති නමැති ප්‍රකට ලේඛකයා රචිත  නවකතාවක්  ඇසුරෙන් නිර්මාණය කරන මෙම චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන නළු නිළියන් වන සුරූපී නිළි අයිශ්චර්යා රායි බච්චන්, වික්‍රම්, කාර්තික්, ට්‍රීෂා ක්‍රිෂ්ණන්, ප්‍රභූ, ජෙයම් රවි, අයිශ්වර්යා ලක්ෂ්මී, ජෙයරාම්, වික්‍රම් ප්‍රභූ, සරත් කුමාර්, කිෂෝර් කුමාර්, අශ්වින්, රියාස් ඛාන්, ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙහිදී  ඔවුන් සමග මෙරට නළු නිළියන් 500 කට අධික සංඛ්‍යාවක් රංගනයෙන් දායකවීම විශේෂත්වයකි.

‘‘පොන්නියන් සෙල්වන්’’ චිත්‍රපටයේ මෙරට රූගත කිරීම් සඳහා මනිරත්නම්ගේ ‘‘මැඩ්රාස් ටෝකීස්’’ සමග රේඛීය නිෂ්පාදක ලෙස ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ පසුගියදා ගිවිසුමකට අත්සන් කරන ලදී.

ප්‍රසන්න තම කාර්යය සිදුකිරීමට ප්‍රවීණ රංගධර, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියගේ ‘‘ෆිල්ම් ටීම්’’  ආයතනය සමගද ගිවිසුමකට එළැඹුණි.

Related posts

Spider-Man: Far From Home චිත්‍රපටය ඇ.ඩො මිලියන 600ක් උපයයි.

Mohamed Dilsad

වකීන් ෆීනික්ස් අත්අඩංගුවට

Mohamed Dilsad

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි පිටපතක් Thank God චිත්‍රපටයකට

Mohamed Dilsad

Leave a Comment