දේශීය

හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තවන් දෙදෙනෙකු අත්අඩංගුවේ

(UTV |කොළඹ) – හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පානදුර, නිව්ඩාව ප්‍රදේශයේදීය.

පානදුර පොලීසිය සිදුකළ වැටලීමකදී එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය භාරයට ගැනුණි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එකම පවුලේ සොහොයුරියන්ය.

ඔවුන් අවුරුදු 40, 55 යන වයසේ පසුවේ.

ඔවුන් ළඟ තිබී ජංගම දුරකථන 4 ක් සහ මුදල් තැන්පත් කරන ලද බව කියන බැංකු පොතක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

Related posts

ගත වූ පැය 24 තුළ මෙරට කොරෝනා රෝගියෙක් වාර්තා නොවේ

Mohamed Dilsad

කටුනායක නිදහස් වෙළද කලාපයේ ගින්න ගැන රස පරීක්ෂණ වාර්තාවක්

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තවත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment