දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය අදයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය අදයි.

1951 වසරේ සැප්තැම්බර් 02 වනදා කොළඹ නගර ශාලාවේදීයි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් නිදහස් පක්ෂය පිහිටුවනු ලැබුවේ.

සඟ – වෙද – ගුරු – ගොවි – කම්කරු පංචමහා බලවේගය පෙරටු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලින්ම මැතිවරණයකට ඉදිරිපත් වන්නේ 1952 වසරේදියි.

කෙසේවෙතත් රට තුළ දැනට පවතින සෞඛ්‍ය වාතාවරණය හමුවේ අද දිනයේදී චාම් සංවත්සර උළෙලක් පමණක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේය.

එහිදි පක්ෂයේ ඇතැම් තනතුරුවල සංශෝධනයක් විය හැකි බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

 

Related posts

අදත් 646 දෙනෙක් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත

Mohamed Dilsad

සම්පයෝ ඇතුළු සිව් දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව ගැන ජනතාවට විශ්වාසයක් නැහැ – වන්නි දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක රිෂාඩ් බදියුදීන්

Editor O

Leave a Comment