විදෙස්

හිටපු ඉන්දීය ජනපතිගේ වියෝව වෙනුවෙන් ශෝක කාලයක්

ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාගේ අභාවය වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (31) ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මියගියේය.

මියයන විට ඔහු 84 වන වියෙහි පසු වු අතර ඔහුට කොවිඩ්-19 රෝගයද වැළදී තිබු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාට ගෞරවය දැක්වීමක් වශයෙන් ඉන්දියානු රජය විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇත.

මෙම කාලය තුළ සියලු විනොද්ස්වාද ක්‍රියාකරකම් තාවකාලික අත්හිටුවා ප්‍රාන්ත ධජ අඩකුඹු කර තබන ලෙස එරට රජය විසින් සියලු ප්‍රාන්ත වෙත දැනුම් දි තිබේ.

 

Related posts

ඉන්දීය නියමුවා නිදහස් කිරීමට පාකිස්ථානය එකඟත්වයට

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා මරණ 50,000 අභිබවා යයි

Mohamed Dilsad

චීනයේ පැතිරෙන වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

Editor O

Leave a Comment