දේශීය

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක්

(UTV |කොළඹ) – මෙරට ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට සුදානම් වේ.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේ ත්‍රිවිධ හමුදාව, ආපදා කළමණාකරන අංශ හා අනෙකුත් පාර්ශව සම්බන්ධ කරගනිමින් එම කාර්ය සාධක බලකාය පිහිටුවීමට පියවර ගන්නා බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වාරිමාර්ග අමාත්‍යාංශය සහ එම ආයතනවල ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවක දීය.

මේ අනුව ග්‍රාම නිලධාරි වසම් 14,000ක් ආවරණය වන පරිදි එක් ගමකට එක් වැවක් බැගින් තෝරා පිළිසකර කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද පිට වේ

Mohamed Dilsad

විදෙස් ගමනාන්ත කීපයකට ලිපි, භාණ්ඩ බෙදාහැරීම ගුවන් සහ මුහුදු මාර්ගයෙන් [RELEASE]

Mohamed Dilsad

මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් සළකා බැලීම හෙටට කල් යයි

Mohamed Dilsad

Leave a Comment