ක්‍රීඩා

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩිලන්ත මාලගමුවට ලැබුනු දේ

(UTV | කොළඹ) – ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වදින ලෝක ශූර ඩිලන්ත මාලගමුව මහතා දිවයිනෙන් පිටත්ව යාමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමු විය.

මෙරට රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෝටර් රථ ධාවන තරඟාවලියක් සඳහා ඩිලන්ත මාලගමුව මහතා එක්වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය.
මෙම තරගාවලිය සැප්තැම්බර් 5 සිට නොවැම්බර් මස 15 වනදා දක්වා ජර්මනිය, ස්පාඤ්ඤය, බෙල්ජියම, සහ ප්‍රංශය යන රටවල් හිදී පැවැත්වේ.
ප්‍රථම වතාවට රාජ්‍ය අනුග්‍රය ලැබීම පිළිබඳ විශේෂ සටහනක් තැබූ ඩිලන්ත මාලගමුව මහතා අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයටත්, එම කටයුතු සම්පාදනය කළ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට සහ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයටත් ස්තූතිය පළ කළේය.

Related posts

එක් ඕවරයකදී මාලිංග දැක්වූ දස්කම්

Mohamed Dilsad

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රථම පදක්කම බර එසවීමේ ඉසව්වකින්

Mohamed Dilsad

ක්‍රිකට් ලොව උඩුයටිකුරු කරමින් පන්දු 6ට කඩුලු 6ක්

Mohamed Dilsad

Leave a Comment