දේශීය

සිප්පිකටු කුඩු කිලෝ 50ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) –  ගෝනි 215ක් තිබියදී කුඩු කරන ලද සිප්පිකටු තොගයක් සොයාගෙන තිබේ.

ඒ ගල්ඔය හන්දිය පොලිස් මාර්ග බාධකයේදී අද(24) උදෑසන සිදුකළ වැටලීමකදීය.

ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදු කළ බව ගල් ඔය පොලීසිය පවසයි.

මේවා ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ සිට ටිපර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු අතර ඒවායේ සිප්පිකටු කුඩුකර කිලෝ 50 අඩංගු විය.

ටිපර් රථය සහ සිප්පිකටු ගෝනි සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් හිගුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති ධුරය ලංකාවට

Mohamed Dilsad

අපයෝජනයට ලක් වූ පාසල් සිසුවියක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment