දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්

(UTV |කොළඹ) – 09 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා වැඩමුළුවක් පැවැත්වෙන බව රජය පවසයි.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් ලබන 25 සහ 26 යන දෙදින තුළ මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි.

මෙම වැඩමුළුවට සහභාගී වන ලෙස සියලු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී ඇති බව මහ ලේකම්වරයා නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

මෙම වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ද ඊට සහභාගී වීමට නියමිතය.

ලබන 25 සහ 26 යන දෙදින පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01දී වැඩමුළුව පැවැත්වීමට පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සියලු කටයුතු සූදානම් කර ඇති බව ද සඳහන් වේ.

Related posts

වෛද්‍ය සාෆි ෂියාබ්දීන් නිදොස් කොට නිදහස් කරයි.

Editor O

ජේ. ආර්ගේ මුනුබුරා සජිත් ට සහය පළකරයි

Editor O

සෞඛ්‍ය නීති කඩකළ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment