විදෙස්

ඉන්දියාවේ කොරෝනා අවධානම ඉහළට

(UTV |ඉන්දියාව) – ඉන්දියාවේ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මිලියන 3  ඉක්මවයි.

ඉන්දීය වාර්තා පවසන්නේ ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 69,239 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3,044,940ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ වන විට දෛනිකව ආසාදිතයින් 50,000 ඉක්මවූ සංඛ්‍යාවක් වාර්තා වූ ඉන්දියාවෙන් ගත වූ දින 15 තුළ ආසාදිතයින් ලක්ෂ 20ක් හඳුනාගෙන තිබේ.

ඊයේ (22) දිනය තුළ ඉන්දියාවේ කොවිඩ් මරණ 912ක් සිදුව ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 56,706ක් ලෙසය.

Related posts

විශාලතම මත් ද්‍රව්‍ය තොගය ලාඕසයෙන්

Mohamed Dilsad

ඉයන් ජෙස්‌ලිගේ මන්ත්‍රී ධුරය දින 30 කට අත්හිටුවයි

Mohamed Dilsad

ඉන්දීය ජනරජදින සැමරුම් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment